Empty Ad
Empty Ad
AFC Banner

පසුගියදා රෝහල් ගත කළ මදුමාධව අරවින්ද මුහුණුපොතට එක් කළ දේ

මදුමාධව අරවින්ද කියන්නෙ පරම්පරා ගණනාවක ආදරය දිනාගත් කලාකරුවෙක්.කලා පවුලකින්ම කලාව අතැතිව ආ මදුමාධව ගායකයෙක් මෙන්ම පසුගිය කාල වකවානුවේදී අපට දේශපාලන චරිතයක් ලෙසින්ද මුණ ගැසුනා.සිය ජීවිතයේ තෙවන විවාහය ද සිදු කරගත් ඔහු දැන් සුන්දරව තම පවුල් ජීවිතය ගත කරන බව මුහුණු පොතේ ඔහු සඳහන් කරන නොයෙක් දේවල් වලින් අපට පෙනී යනවා.නමුත් මදුමාධව ගැන කණගාටුදායක කතාවක් පසු ගියදා අපට අසන්නට ලැබුණා.ඒ ඔහු හදිස්සියේම අසනීප තත්වයක් හමුවේ රෝහල් ගත කර ඇති බවයි.සිදු වූ දෙය ඔහු තම මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ මෙසේයි.

ඊයෙත් මා හිනැස්සූ.. මම අදහන මිනිස්සු..

සුව කල මිනිස්සු
වෙද හෙද කම් කල මිනිස්සු

සුව වෙන්න පැතූ මිනිස්සු
මහන්සිඋනෙ මිනිස්සු

හැමදාම විහිලු කරන නිසා සැකයක් එන්න ඇති.
මම ආසයි ඒකට….

පපුව පොඩ්ඩක් මතක් කරා
හදවතක් කියල දෙයක් තියෙනව කියල ..

ගෙදරින් යන තැන ඉදල ගෙදර එනකම් මා එක්කම හුස්ම ගත්ත ආදරනීය බිරිද ,
ඒ බය වෙච්ච ඇස් ඇගේ..

(ආන්න ඒ බය තියා ගන්න හරිය.)

මේ ජරමර අස්සෙ මගෙ ප්‍රොෆයිල් එක අඩුවෙන් පෙන්නනවා කියල මට පනිවිඩ එවන පේස් බුක් එකේ උන්ඩැලටත්
විස්කූතුයි..

ක්‍රිශාන්ත මල්ලි
ආලෝකා නංගී
සමන් ක්‍රිශාන්ත මගෙ මිතුරා
පන්ඩුවා
චතූ මලයා
මා සමගම හිටිය මගෙ අයියා

ලීසන්ස් රෝහලේ ආදරනීය සියල්ලටම ස්තුතියි .

නවලෝක රෝහලේ
ඇම්බුලන්ස් එකේ පිරිස
I.c.u වාට්ටුවේ, ශාල්‍යකර්ම වාට්ටුවේ හෙද හෙදියන්ට ස්තුතියි ..
රස තේහදල දුන්න , ඉන්න තැන පිරිසුදු කල ආදරනීයන්ට ස්තුතියි ..
ආදරනීය සේවක මහත්තුරු, නෝනල
දුන්න ආදරයට ස්තුතියි

නවලෝකෙ තැන තැන මන් නිසා පහන් කල
මගේ අයියා, සංජු නන්ගි, ටිශාන් මල්ලි පැටිසන්,සීනි බනිස,,,, නුබලට හොද වැඩේ…
(මම හොදට ඇතුලේ , මේ ගොල්ලො එලියේ)

පෙට්‍රල් නැති වෙලේ මුලු දවසම මම එනකම් ගෙදර ඇරලන්න
පෙට්‍රල් පුරවගෙන බලාගෙන හිටිය සන්ජු නංගිගේ ටිශාන් ගේ වාහනයටත්, මාව ලීසන්ස් ගෙනිච්ච ක්‍රිශාන්තගෙ , ආලෝකගෙ වාහනයටත් ඉස්තූතියි . මම සාමන්‍යයෙන් එහෙම වාහන වල යන්න සල්ලි ගන්නව…
උබලගෙන් එපා…

ආරංචි උනාම කතා කල හොයා බැලූ සුව පැතූ
ආරංචි නොවුන නිසා හොයා බලන්න බැරිවූ
පනිවිඩ sms, mesenger, whatsapp කල
සීනි බනිස්ට කතා කල , මගෙ දුරකතනයට කතා කල සැමට ස්තුතියි ….

ඕකගෙ විහිලුවක් කියල හිතුව ආදරනීයන්ටත්
ස්තුතියි ..

ඇමතුම් නොගත්තට අමනාප වෙන්න එපා..

ලීසන්ස් රෝහලේදිත්
නවලෝක රෝහලේ ශල්‍යකර්ම වාට්ටුවෙත්
මගෙ පපුව බාර ගත්ත dr, වසන්ත කපුවත්ත ඔබතුමාට ස්තුතියි .🙏

ගෙදර ආවම උඩ පැන පැන මාව පිලිගත්ත ස්නුපිස්සර රාලහාමිටත් ස්තුතියි …

දවසක එන්න බැරි වෙයි
මෙහෙම ගිහින්….
එතකන් සතුටෙන්
සැහැල්ලුවෙන්
හැම දේම විහිලුවකට අරන් ජීවත්වෙමු…

අම්ම කතා කරල කිව්වා..
අනේ අපි මැරෙනකම් පුතා යන්න එපා කියලා.
අම්ම තාත්තට ස්තුතියි …

කොහොමත් කවද හරි මම මැරුනම , කාටවත් මගෙ මිනිය බලන්න හම්බෙන් නෑ….
(අවසාන කැමැත්තට අනුව))
ඒ නිසා මෙහෙම ඇඩ් දෙක තුනක් දාන්න ඕනෙ යන්න කලින්…
එහෙනම් ආයෙත් පටන් ගමු….
මේ ජීවිතෙත් එක්ක කරන කෝලම…
ආදරෙයි හැමෝටම…..
මදු මාදව අරවින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?