පස් කන්දට යට වී එකම පවුලේ සහෝදරියන් දෙදෙනා මරුට

අද පස්වරුවේ හාලිඇළ සිදු වුණු නායයෑමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මේ දිනවල ඇදහැලෙන නොනවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද පස්වරු 5ට පමණ හාලිඇළ – උඩුවර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටුණා.

එම අනතුරින් එකම පවුලේ තිදෙනෙකු පස් කන්දට යට වූ බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පස් කන්දට යට ව සිටි පිරිස බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා.

එලෙස මුදා ගත් නිවැසියන් රෝහල්ගත කිරීමට පියවර ගැනුණු අතර, රෝහල්ගත කරන අවස්ථාවේ දී ම, ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

නමුත් සෙසු දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ බවට ද තොරතුරු දැනගන්නට ලැබුණා.

එසේ රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි එම නිවසේ තවත් සාමාජිකයෙක් ද මීට ටික වේලාවකට පෙර මියගිය බවට‍යි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා වන අතර, ඔවුන් වයස අවුරුදු 21 සහ 23 වියෙහි පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
13
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?