පස් කන්දට යට වී එකම පවුලේ සහෝදරියන් දෙදෙනා මරුට

අද පස්වරුවේ හාලිඇළ සිදු වුණු නායයෑමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මේ දිනවල ඇදහැලෙන නොනවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද පස්වරු 5ට පමණ හාලිඇළ – උඩුවර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටුණා.

එම අනතුරින් එකම පවුලේ තිදෙනෙකු පස් කන්දට යට වූ බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පස් කන්දට යට ව සිටි පිරිස බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා.

එලෙස මුදා ගත් නිවැසියන් රෝහල්ගත කිරීමට පියවර ගැනුණු අතර, රෝහල්ගත කරන අවස්ථාවේ දී ම, ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

නමුත් සෙසු දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ බවට ද තොරතුරු දැනගන්නට ලැබුණා.

එසේ රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි එම නිවසේ තවත් සාමාජිකයෙක් ද මීට ටික වේලාවකට පෙර මියගිය බවට‍යි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා වන අතර, ඔවුන් වයස අවුරුදු 21 සහ 23 වියෙහි පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
13
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51