පස්සර මාරාන්තික බස් අනතුරේ වගකිවයුත්තන් අතර රජයේ ආයතනයකුත්

පස්සර ප්‍රදේශයේ දී ජීවිත 14 ක් අහිමි වූ බස් අනතුර සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ මාර්ග නඩත්තුව සිදු කරන ආයතනයට එරෙහිව පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.