AFC Banner
AFC Banner
Empty Ad

පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බසි

කුරුණෑගල – කටුගස්තොට මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.

එම මාර්ගයේ බර වාහන ධාවනය ද අත්හිටුවා ඇත.

පොලීසිය පැවසුවේ මහනුවර – කුරුණැගල මාර්ගය ආසන්නයේ කටුගස්තොට ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මෙලෙස රථ වාහන ධාවනයට සීමා පනවා ඇති බවය.

ඒ හේතුවෙන් එම මාර්ගයේ යටිවාවල ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

අදාළ මාර්ගය භාවිත කරන බරවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දන්වා සිටී.

ගොඩනැගිල්ල ගිලා බැසීම හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?