පශු වෛද්‍ය කාර්යාලවල එන්නත් හිඟවීමෙන් ඌරන් සිය ගණනින් මරුට

හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් අනුරාධපුර – උලුක්කුලම ප්‍රදේශයේ ගොවිපළවල්වල ඌරන් විශාල වශයෙන් මියැදෙමින් සිටින බව සත්ත්ව ගොවීන් පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළවල්වල මෙකී වෛරසය පැතිරයමින් ඇති බවත් ඌරු කොටුවල ඌරන් 500කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම වෛරසය ඌරන්ට වැළඳී දින දෙකක් තුළ ඔවුන් මරණයට පත් වන බවත්; ඇතැම් ඌරන් ඇති කරන ගොවිපොළවල සිටි ඌරන් 800න් මේ වනවිට (16) සිටින්නේ 200-300ත් අතර ප්‍රමාණයක් බවත් සෙසු සියලුම ඌරන් මරණයට පත්ව ඇති බවත් ගොවීන් චෝදනා කරනවා.

උලුක්කුලම ප්‍රදේශයේ ඌරු ගොවිපොළවල් 20ක් පමණ ඇති අතර සෑම සත්ත්ව ගොවිපොළකට ම අදාළ වෛරසය පැතිර ගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාව හා අදාළ සෞඛ්‍ය නිලධාරීන්ව දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් ලබාදීමට හෝ අදාළ සත්ත්ව ගොවිපොළවල් නිරීක්ෂණයට හෝ අවම වශයෙන් නොපැමිණි බවයි ගොවීන් පවසන්නේ.

විශාල වශයෙන් ඌරන් මියයාම හේතුවෙන් ඇතැම් ගොවිපළවල්වලට සිදුව ඇති මූල්‍යමය අලාභය රුපියල් ලක්ෂ 100 ඉක්මවා ඇති බවට ගොවීන් පෙන්වාදෙනවා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම නුවරගම් පළාත් පශුවෛද්‍ය ප්‍රසාද් මඩාටුව මහතාගෙන් දසත ප්‍රාදේශීය වාර්තාකරු කළ විමසීමේදී කියා සිටියේ ඌරන්ට වැළඳී ඇත්තේ වෛරසයක් බැවින් ඒ සඳහා එන්නත් නොමැති බවයි.

වෛරසය පාලනය කිරීම සඳහා හරකුන්ට සහ කුකුළන්ට ලබාදෙන එන්නත් හා ඖෂධ ඌරන්ට ලබාදීම සඳහා
එම ඖෂධ හා එන්නත් පශු වෛද්‍ය කාර්යාලවල නොමැති බව ද පශු වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ මේ වන විට වෛරසය ව්‍යාප්ත නොවූ ගොවිපොළවල්වල් පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී එම වෛරසය නොවැළඳුණු ඌරන් සඳහා එන්නතක් ලබාදීමට පියවර ගනු ලැබූ බව ද පශු වෛද්‍ය ප්‍රසාද් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?