AFC Banner
Empty Ad
Empty Ad

පල්ලෙකැලේ ක්‍රීඩා පිටියට කඩා පැන්න ප්‍රේක්ෂකයා පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගය අතර තුර පිටිය මැදට කඩා වැදුණු ප්‍රේක්ශකයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලෙකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු මෙම ප්‍රේක්ශකයා බීමතින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තරගයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට විනිසුරුවරයා සංඥාව ලබා දී තිබිය දී මොහු ක්‍රීඩා පිටියට කඩා වදින ආකාරය දැකගත හැකි වුණා.

එලෙස ක්‍රීඩා පිටියට ඇතුළු වූ එම පුද්ගලයා ඊයේ දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් නිශාන් මධුෂ්ක අසලට පැමිණ ඔහුගේ දෙපා අල්ලා ඉවත්ව යෑමට සූදානම් වන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යනු ලැබුවා.

අනතුරුව ඔහුව පල්ලෙකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා ලබන සිකුරාදා තෙල්දෙණිය අධිකරණය හමුව ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?