පල්ලෙකැලේ ක්‍රීඩා පිටියට කඩා පැන්න ප්‍රේක්ෂකයා පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගය අතර තුර පිටිය මැදට කඩා වැදුණු ප්‍රේක්ශකයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලෙකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු මෙම ප්‍රේක්ශකයා බීමතින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තරගයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට විනිසුරුවරයා සංඥාව ලබා දී තිබිය දී මොහු ක්‍රීඩා පිටියට කඩා වදින ආකාරය දැකගත හැකි වුණා.

එලෙස ක්‍රීඩා පිටියට ඇතුළු වූ එම පුද්ගලයා ඊයේ දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් නිශාන් මධුෂ්ක අසලට පැමිණ ඔහුගේ දෙපා අල්ලා ඉවත්ව යෑමට සූදානම් වන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් පැමිණ ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යනු ලැබුවා.

අනතුරුව ඔහුව පල්ලෙකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා ලබන සිකුරාදා තෙල්දෙණිය අධිකරණය හමුව ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
1
+1
5
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08