AFC Banner
Empty Ad
Empty Ad

පරිසරය ගැන හිතා ගත්තු දැඩි තීන්දුව

යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත.

එම තීරණය නම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි.

ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත.

ඇපල් සමාගම සිය ජංගම දුරකතනවල චාජර් ලෙස භාවිත කරන්නේ Lightning Connecters(ලයිට්නින් කනෙක්ටර්ස්) ය.

නව යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමත් යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.

වසර 10ක සිට මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ සාකච්ඡා වී ඇති අතර මෙමමගින් පරිසර සංරක්ෂණය සිදු වන අතරම ඩොලර් මිලියන 292ක් සංගමය තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවද ගණන් බලා ඇත.

සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය සිය සමාගමට විශාල බලපෑමක් එල්ල කරන බවත් එය නව නිර්මාණ බිහිවීමට බාධාවක් බවත් පවසන ඇපල් සමාගම මේ තීරණය අවසානයෙදී පාරිභෝගිකයාට අයපත් ලෙස බලපානු ඇතැයිද පවසයි.

ඊට පිළිතුරු දෙමින් යුරෝපා සංගමය පවසන්නේ විධිමත් ක්‍රමවේදයක් සකස්කරන සෑම අවස්ථාවකම සමාගම නව නිර්මාණ වලට බාදාවන බව පවසමින් අදාල ක්‍රමවේදයනට බාධා පමුණුවන බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් එකග විය යුතුය. එසේ වුවහොත් ඇපල් සමාගමට සිය නිෂ්පාදන කටයුතු නව නීතියට අනුකූලව සිදු කර ගැනීමට සහන කාලයක් ලැබෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?