AFC Banner
AFC Banner
Empty Ad

පන්දු යැවීමේ පරීක්ෂණයෙන් ශකීබ් ෆේල් – පන්දු යැවීමත් තහනම් !

බංග්ලාදේශය තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පැවැති දෙවැනි පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා.

ඒ, අනුව ඔහුට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට පනවා තිබූ තහනම තව දුරටත් පවතිනවා.

පසුගිය වසර සැප්තැම්බර් මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ යම් ගැටළුවක් ඇති බවට චෝදනා එල්ල වුණා.

ඒ, අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට දේශිය හා අන්තර්ජාතික තරගවල දී පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමටයි කටයුතු කළේ.

අනතුරුව ශකීබ් පසුගිය වසරේ අගභාගයේදී එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්ව විද්‍යාලයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව සම්බන්ධයෙන් වන පළමු පරීක්ෂණ සඳහා මුහුණ දුන්නා.

එම පරීක්ෂණය සමත්වීමට ඔහුට හැකියාව නොලැබුණු අතර, දෙවන පරීක්ෂණය සඳහා ඔහු පසුගිය මාසයේ දී මුහුණ දුන්නේ චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ දීයි.

එම පරීක්ෂණයෙන් ද ඔහුට සමත්වීමට හැකියාව නොලැබීම මතයි මෙලෙස ඔහුගේ පන්දු යැවීමේ තහනම තවදුරටත් පනවා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
20
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?