රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයාට පොල්ලකින් පහරිදීම සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත් තිස්හතර හැවිරිදි කාන්තාව ඇප මුදා හැරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කැම්පනේ, පුස්වැල්පිටිය ප්‍රදේශයේ කාන්තාවකි.
දරුවෙක්ට කිරි දෙන නිසා සහ පවතින සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඇයට ඇප ලබාදෙන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දෙමින් සඳහන් කළා.
කාන්තාවගේ පොලු පහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12




