පද්මේ, සලින්ත සහ නිලංග CID භාරයේ – බැකෝ සමන් සහ තැඹිලි ළහිරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට

ඉන්දුනීසියාවේ සිට ඊයේ (30) රාත්‍රියේ මෙරටට් ගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන හෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දිවයිනට රැගෙන ආ අනෙකුත් සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 365 දරණ ගුවන් යානයෙන් ඊයේ (30) පස්වරු 7.26ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අනතුරුව ඔවුන්ව කොළඹ පිහිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රගේ ආවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

මෙම කාලය තුළ කටුනායක ගුවන්තොටුපොළ තුළ සහ ඉන් පිටත ආරක්ෂාව දැඩිකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?