පද්මේ, සලින්ත සහ නිලංග CID භාරයේ – බැකෝ සමන් සහ තැඹිලි ළහිරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට

ඉන්දුනීසියාවේ සිට ඊයේ (30) රාත්‍රියේ මෙරටට් ගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන හෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දිවයිනට රැගෙන ආ අනෙකුත් සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 365 දරණ ගුවන් යානයෙන් ඊයේ (30) පස්වරු 7.26ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අනතුරුව ඔවුන්ව කොළඹ පිහිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රගේ ආවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

මෙම කාලය තුළ කටුනායක ගුවන්තොටුපොළ තුළ සහ ඉන් පිටත ආරක්ෂාව දැඩිකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58