පද්මෙගේ අයිස් හදන්න ගෙන ආ රසායනික ද්‍රව්‍ය වළදැමූ හිටපු ප්‍රා.සභා මන්ත්‍රීගේ සහෝදරයා අල්ලයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය කිලෝ 50,000කට ආසන්න ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ වළදමා තිබිය දී සොයාගත් සිද්ධියට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගියදා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බැකෝ සමන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, අනුවයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් විසින් ඊයේ (05) දින මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය සොයා ගැනුණේ.

පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් වන සම්පත් මනම්පේරි සහ ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය මෙලෙස සඟවා තබාගෙන සිට ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් වන සම්පත් මනම්පේරි සහ ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය මෙලෙස සඟවා තබාගෙන සිට ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මේ වනවිට අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තත විසින් මෙරට සි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහන් මෙම රසායනික ද්‍රව්‍ය තොගය ආනයනය කර ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?