පතොරම් කොපුවක් රැගෙන පැමිණි කැනේඩියානු යුවළක් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා බලා පිටත්ව යාමට පැමිණි කැනේඩියානු යුවළක් අද (21) දහවල් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතික යුවළගේ ගමන් මල්ලක හිස් පතොරම් කොපුවක් තිබී හමුවීමත් සමඟ අදාළ යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් කැනේඩියානු යුවළ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ වෙත පවසා ඇත්තේ එම හිස් පතොරම් කොපුව කාම්බෝජයේ කළ සංචාරයක් අතර තුර ඇහිඳා ගත් එකක් බවයි.

කාම්බෝජයට පැමිණෙන ඕනෑම අයෙකුට එවැනි පතොරම් කොපු අහුලා ගත හැකි බවත් ඔවුන් මෙහිදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
15
+1
2
+1
6
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?