බත්පත කන්න නොදී සිදුකළ මංකොල්ලය (වීඩියෝ)

පිළියන්දල, දොලේකනත්ත ප්‍රදේශයේ ආපනශාලාව ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුගේ කමිස සාක්කුවේ තිබූ පැහැර ගෙන පලායාමට උත්සාහ කළ දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා අහාර මිලදී ගැනීමේ මුවාවෙන් ආපනශාලාවකට පැමිණ එහි ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකු තිබූ මුදල් මෙලෙස පැහැරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් රුපියල් 20,000කට ධික මුදලක් මෙලෙස පැහැරගෙන යතුරුපැදියක නැඟී පළායාමට උත්සාහ කර ඇති අතර තිබෙනවා.

එහිදී ක්‍රියාත්මක වූ අසල සිටි පිරිස් කොල්ලකරුවන් දෙදෙනා පිටුපස දිවගොස් පළා යාමට නොදී අල්ල ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් දෙදෙනාට පහරදී පොලිසියට භාර දී ඇති අතර, ඔවුන් අවුරුදු 29 හා 37 යන වයස්වල පසුවන දෙදෙනෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව කොල්ලකෑම් නඩු හතරක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.

https://youtu.be/sDsU810ryEI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?