පණු බූන්දි කවන්න ගිය වෙළෙන්දාට වැඩ වරදී (ඡයාරූප)

පණුවන් සහිත පැණි බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයෙකු කැකිරාව නගරයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ වැටලීමකදීයි.

අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් කුඩා දරුවෙකුට ලබා දීමට පැණී බූන්දි මිලදී ගත් පාරිභෝගිකයකු එහි පණුවන් සිටිනු බව දැක ඇති අතර පසුව ඔහු පණුවන් සහිත එම බුන්දී තොගය කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, ක්‍රියාත්මක වූ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අදාල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ආහාර පනතෙන් එම නිලධාරීන්ට පැවරී ඇති බලතල අනුව අත්අඩංගුවට පත් එම සැකකාර ව්‍යාපාරිකයා සතුව තිබී අලෙවියට සූදානම් කර තිබූ බව කියන එම පැණි බුන්දි තොගය විනාශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 15ක පමණ පැණී බුන්දි තොගයක් මෙලෙස විනාශ කළ බව සඳහන්.

මෙලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කැකිරාව බස් නැවතුම්පල ආශ්‍රිතව රස කැවිලි අලෙවි සැලක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවටපත් එම ව්‍යාපාරිකයා දන්වන දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත රුපියල් 50,000ක ශරීර ඇපයක් ද නියමකර මුදා හැරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබෙනවා.

සැකකරු ලබන 08 වන දා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආහාර පාන මිලදී ගැනීමේදී හා ඒවායේ කල් ඉකුත්වීමේ දින මෙන්ම කුඩා දරුවන්ට ආහාර පාන ලබා දීමට පෙර ඒවායේ තත්ත්වය ගැන සුපරීක්ෂාකාරීව කටයුතු කරන්නැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම් දෙනවා.

WhatsApp Image 2024 01 31 at 11.37.36
WhatsApp Image 2024 01 31 at 11.37.35 2
WhatsApp Image 2024 01 31 at 11.37.35 1
WhatsApp Image 2024 01 31 at 11.37.35
WhatsApp Image 2024 01 31 at 11.37.34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03