පච්චය ලොකු වුණොත් පිළිකා ඇතිවීමේ අවදානම ඉහළට

ටැටූ නැත්නම් පච්ච ගැසීම කියන්නේ කලාවක්.

ඒක ලෝකයේ බොහෝ බටහිර, අප්‍රිකා සහ ආසියාතික රටවල අතිශය ප්‍රසිද්ධ කලාවක්.

ඇතැම් පිරිස් මෙම කලාව වෘත්තීයමය වශයෙන් ද සිදු කරනවා.

ටැටූ කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් මෙම ටැටූ සිය ශරීරයේ තමන් ප්‍රිය ස්ථානයක කොටා ගන්නේ එය බෙහෙවින් ම මතුපිටින් වර්ණවත් සහ හැඩැති ස්වරූපයක් මවන නිසාවෙන්මයි.

මෙම ටැටූ කලාව බොහෝ තරුණ – වැඩිහිටි පිරිස අතර ජනප්‍රිය වනවා.

නමුත් NDTV මාධ්‍ය වාර්තා කරන්නේ නවතම අධ්‍යයනයකින් හෙළි ව ඇති කාරණය වන්නේ තම ශරීරයෙහි නිර්මාණය කරගන්නා පච්චය නැතහොත් ටැටූ නිර්මාණය ප්‍රමාණයෙන් විශාල වන තරමට එය මාරාන්තික පිළිකා ඇතිවීමේ අවදානමක් වැඩි කරන බවයි.

BMC Public Health සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, නිවුන් දරුවන් 2,000කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කර ටැටූ කළ අයගේ පිළිකා අනුපාතය සහ ටැටූ නොකළ අයගේ පිළිකා අනුපාතය සංසන්දනය කරමින් සිදු කර තිබෙනවා.

ඕනෑම ආකාරයක පච්චයක් ඇති කෙනෙකුගේ පිළිකා ඇතිවීමේ තත්ත්වය 62%කින් ඉහළ ගොස් තිබෙන බවත් එම පච්චය විශාල වූවන්ගේ සමේ පිළිකා අවදානම සියයට 137කින් ඉහළ ගොස් ඇති බවයි.

එවැනි පුද්ගලයින්ට සම ආසාදිත ව ලිම්ෆෝමා අවදානම 173% දක්වා ඉහළ ගොස් ඇති බව ද මෙම අධ්‍යයනයෙන් හෙළි ව තිබෙනවා.

පච්චවලින් සමෙහි අංශු කලාපීය වසා ගැටිතිවල එකතු වන බව සොයාගෙන ඇති අතර ඒවා රුධිර ප්‍රවාහනය හරහා අනෙකුත් අවයවවලට ප්‍රවාහනය කළ හැකි බව ද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?