පච්චය ලොකු වුණොත් පිළිකා ඇතිවීමේ අවදානම ඉහළට

ටැටූ නැත්නම් පච්ච ගැසීම කියන්නේ කලාවක්.

ඒක ලෝකයේ බොහෝ බටහිර, අප්‍රිකා සහ ආසියාතික රටවල අතිශය ප්‍රසිද්ධ කලාවක්.

ඇතැම් පිරිස් මෙම කලාව වෘත්තීයමය වශයෙන් ද සිදු කරනවා.

ටැටූ කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් මෙම ටැටූ සිය ශරීරයේ තමන් ප්‍රිය ස්ථානයක කොටා ගන්නේ එය බෙහෙවින් ම මතුපිටින් වර්ණවත් සහ හැඩැති ස්වරූපයක් මවන නිසාවෙන්මයි.

මෙම ටැටූ කලාව බොහෝ තරුණ – වැඩිහිටි පිරිස අතර ජනප්‍රිය වනවා.

නමුත් NDTV මාධ්‍ය වාර්තා කරන්නේ නවතම අධ්‍යයනයකින් හෙළි ව ඇති කාරණය වන්නේ තම ශරීරයෙහි නිර්මාණය කරගන්නා පච්චය නැතහොත් ටැටූ නිර්මාණය ප්‍රමාණයෙන් විශාල වන තරමට එය මාරාන්තික පිළිකා ඇතිවීමේ අවදානමක් වැඩි කරන බවයි.

BMC Public Health සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, නිවුන් දරුවන් 2,000කට අධික සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කර ටැටූ කළ අයගේ පිළිකා අනුපාතය සහ ටැටූ නොකළ අයගේ පිළිකා අනුපාතය සංසන්දනය කරමින් සිදු කර තිබෙනවා.

ඕනෑම ආකාරයක පච්චයක් ඇති කෙනෙකුගේ පිළිකා ඇතිවීමේ තත්ත්වය 62%කින් ඉහළ ගොස් තිබෙන බවත් එම පච්චය විශාල වූවන්ගේ සමේ පිළිකා අවදානම සියයට 137කින් ඉහළ ගොස් ඇති බවයි.

එවැනි පුද්ගලයින්ට සම ආසාදිත ව ලිම්ෆෝමා අවදානම 173% දක්වා ඉහළ ගොස් ඇති බව ද මෙම අධ්‍යයනයෙන් හෙළි ව තිබෙනවා.

පච්චවලින් සමෙහි අංශු කලාපීය වසා ගැටිතිවල එකතු වන බව සොයාගෙන ඇති අතර ඒවා රුධිර ප්‍රවාහනය හරහා අනෙකුත් අවයවවලට ප්‍රවාහනය කළ හැකි බව ද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41