පකිස්ථානයේ බෝට්ටු අනතුරකින් ළමුන් 10 දෙනෙකු මරුට

පකිස්ථානයේ බෝට්ටු අනතුරකින් ළමුන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය සියලු දෙනා වයස අවුරුදු හතත් 14ත් අතර වයස්වල පසුවන්නන් බවටයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්නයේ කයිබර් පක්තුන්ක්වා හි කොහාට් අසල විලක බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා.

තවත් ළමුන් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

තවත් නව දෙනකු අතුරුදන්ව ඇතැයි තොරතුරු හෙළිවන අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

පාසලක චාරිකාවක් සඳහා පැමිණි ළමුන් පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් ඇතැයි සඳහන්.

මේ අතර පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ පාලමකින් බස් රථයක් පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බස් රථය පාලම මත කණුවක වැදී පාලමෙන් ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති අතර මියගිය පුද්ගලයන් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් තුන් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 48 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

පකිස්ථානයේ දරුණු මාර්ග අනතුරුවලට හේතු අතරින් නොසැලකිලිමත් රිය ධාවනය මුලික වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මගී ප්‍රවාහන බස් රථ නිතරම ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යන අතර ආසන පටි පැළඳීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, 2018 වසරේ දී පමණක් පකිස්ථානයේ මාර්ගවල අනතුරුවලින් 27,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?