පකිස්ථානයේ බෝට්ටු අනතුරකින් ළමුන් 10 දෙනෙකු මරුට

පකිස්ථානයේ බෝට්ටු අනතුරකින් ළමුන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය සියලු දෙනා වයස අවුරුදු හතත් 14ත් අතර වයස්වල පසුවන්නන් බවටයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්නයේ කයිබර් පක්තුන්ක්වා හි කොහාට් අසල විලක බෝට්ටුව පෙරළී ගොස් තිබෙනවා.

තවත් ළමුන් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

තවත් නව දෙනකු අතුරුදන්ව ඇතැයි තොරතුරු හෙළිවන අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

පාසලක චාරිකාවක් සඳහා පැමිණි ළමුන් පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් ඇතැයි සඳහන්.

මේ අතර පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ පාලමකින් බස් රථයක් පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බස් රථය පාලම මත කණුවක වැදී පාලමෙන් ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති අතර මියගිය පුද්ගලයන් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් තුන් දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 48 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

පකිස්ථානයේ දරුණු මාර්ග අනතුරුවලට හේතු අතරින් නොසැලකිලිමත් රිය ධාවනය මුලික වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මගී ප්‍රවාහන බස් රථ නිතරම ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යන අතර ආසන පටි පැළඳීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, 2018 වසරේ දී පමණක් පකිස්ථානයේ මාර්ගවල අනතුරුවලින් 27,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39