පකිස්ථානයේ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ පසුබෑමට එරෙහිව නව සටනක්

පකිස්ථානයේ සෞඛ්‍ය සේවකයින් දිගින් දිගටම ප්‍රහාරවලට මුහුණ දෙන බැවින් පෝලියෝ සදහටම තුරන් කිරීමේ ගෝලීය මෙහෙයුම අවදානමට ලක්ව තිබෙනවා.

1990 ගණන්වල මුල් භාගයේදී, පෝලියෝ සෑම වසරකම පාකිස්තාන දරුවන් 20,000 ක් පමණ අංශභාගයට පත් කරනු ලැබුවා.

2022 දී, පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් 18 දෙනාගෙන් 16 දෙනෙකු ම වාර්තා වී තිබුණේ ඇෆ්ගනිස්ථානය සමඟ දේශසීමා බෙදාගන්නා උතුරු වසිරිස්තානයෙන්.

ඒ, අනුව පෝලියෝ තුරන් කිරීමේ  අභිලාෂකාමී ප්‍රයත්නය මගින් අපේක්ෂා කෙරෙන්නේ පෝලියෝ බෝකරන පෝලියෝමිලයිටිස් වෛරසයට එරෙහිව ළමුන් මිලියන 23.8 කට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ විශ්මයජනක ඉලක්කයක් කරා ළඟා වීමටයි.

එහෙත් එන්නත ජනගහනය වඳ කිරීමට බටහිර මැදිහත්වීමක් හෝ එන්නත ගැනීම හරාම් නැතහොත් එන්නත ඉස්ලාමීය නීතියෙන් මුස්ලිම්වරුන්ට තහනම් බව විශ්වාස කිරීම වැනි  එන්නත පිළිබඳ මිථ්‍යාවන් සහ කුමන්ත්‍රණ න්‍යායන් පකිස්ථානයේ බහුලව පැතිරී තිබීම හේතුවෙන් පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට බලපෑම් එල්ලවී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ ඔවුන් සමඟ පැමිණි ආරක්ෂක හමුදාවලට ප්‍රහාර එල්ල කර, පෙර වසරවල මිනිසුන් දුසිම් ගණනක් ඝාතනය කර පෝලියෝ මුලිනුපුටා දැමීමට බාධා මතු කර තිබෙනවා.

කෙසේ වෙතත් පකිස්ථානයේ උප-ජාතික පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරය මෑතකදී  ආරම්භ කරන ලද අතර, එය 2023 මැයි 15-21 දක්වා පැවතියා.

1988 සිට පෝලියෝ තුරන් කිරීමේ ගෝලීය මුලපිරීම දියත් කිරීමත් සමඟ ලොව පුරා පෝලියෝ රෝගීන් 99 කට වඩා අඩු වුණා.

පෝලියෝ වෛරස් ප්‍රභේද තුනෙන් දෙකක් ගෝලීයව මුලිනුපුටා දමන ලද අතර, තුන්වැන්න පකිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයට පමණක් ආවේණිකව පවතිනවා.

කොවිඩ් -19 වසංගතය නිසා තත්ත්වය තවත් උග්‍ර වුණේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය කොරෝනා වයිරසය පැතිරීම නැවැත්වීම සඳහා යොමු වීමත් සමඟ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාර නතර වීමත් සමඟයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 දී අසල්වැසි ඇෆ්ගනිස්ථානයෙන් පෝලියෝ රෝගීන් 56ක් වාර්තා වුණා.

පාකිස්ථානයේ ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද මෑත කාලීන සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ  සුක්කුර්, රාවල්පින්ඩි, ලාහෝර්, මර්දාන්, පෙෂාවර්, බන්නු, කම්බාර් සහ හයිද්‍රාබාද් ඇතුළු නගර 12 කින් එකතු කරන ලද අපද්‍රව්‍ය සාම්පලවල පෝලියෝ වයිරසය ඇති බවටයි.

ගෝලීය පෝලියෝ තුරන් කිරීමේ මුලපිරීම අනුව, නිල මට්ටමින් පෝලියෝ රෝගයෙන් තොර රටක් ලෙස සැලකීමට නම්, රටක් අවම වශයෙන් වසර තුනක්වත් පෝලියෝ වයිරසය සම්ප්‍රේෂණය වී නොමැති බව පෙන්විය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?