පකිස්ථානයෙන් තවත් අමානුෂික ඝාතනයක්

කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මැර පිරිසක් විසින් මධ්‍යම පාකිස්තානයේදී පුද්ගලයෙකුව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පන්ජාබ් පළාතේ ඛානේවාල් දිස්ත්‍රික්කයේ පසුගිය සෙනසුරාදා සිදුකර ඇති එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.

ඝාතනය වූ පුද්ගලයා පැහැර ගැනීමට පෙර පොලිස් අත්අඩංගුවේ පසුවූ බව වාර්තාවේ.

පැහැර ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාව ලාහෝර් සිට කිලෝමීටර 275ක් පමණ දුරින්, යකඩ පොලුවලින් පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර ගසක එල්ලා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔහුගේ දේහය පවුලේ අයට භාර දී අවසන් කටයුතු ඊයේ (13) දින සිදුකර තිබේ.

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ එම පුද්ගලයා බේරාගැනීම සඳහා රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?