පකිස්ථානයෙන් තවත් අමානුෂික ඝාතනයක්

කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මැර පිරිසක් විසින් මධ්‍යම පාකිස්තානයේදී පුද්ගලයෙකුව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පන්ජාබ් පළාතේ ඛානේවාල් දිස්ත්‍රික්කයේ පසුගිය සෙනසුරාදා සිදුකර ඇති එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි.

ඝාතනය වූ පුද්ගලයා පැහැර ගැනීමට පෙර පොලිස් අත්අඩංගුවේ පසුවූ බව වාර්තාවේ.

පැහැර ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාව ලාහෝර් සිට කිලෝමීටර 275ක් පමණ දුරින්, යකඩ පොලුවලින් පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර ගසක එල්ලා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔහුගේ දේහය පවුලේ අයට භාර දී අවසන් කටයුතු ඊයේ (13) දින සිදුකර තිබේ.

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ එම පුද්ගලයා බේරාගැනීම සඳහා රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටින බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26