AFC Banner
Empty Ad
Empty Ad

නොවැම්බර් 12 වෙනිදා විශේෂ ආරක්ෂාවක්

රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

මේ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන බවයි කථානායකවරයා සඳහන් කළේ.

මහජන ගැලරිය රාජතාන්ත්‍රිකයන්ට පමණක් වෙන් කෙරෙන බව පැවසූ කතානායකවරයා, මන්ත්‍රීවරුන්ගේ වාහන අදාල රථගාල් වෙත යොමු කිරීමට පියවර ගැනෙන බවටද දැනුම් දී සිටියා.

එසේම මන්ත්‍රීවරුන් එදින සිය රියදුරන් සමග පැමිණීම වැදගත් බවත් රථවාහන හැසිරවීම සඳහා රථවාහන අංශ පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවද කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?