බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි තෙක් වැඩි කරන්නේ නෑ – රස කැවිලි නිෂ්පාදකයින්ගෙන් සහතිකයක්

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය විසින් සහතක වී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟ ඊයේ (26) පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

මැද පෙරදිග කලාපීය යුධ ගැටුම් හමුවේ වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය තුළ බිස්කට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයට ඇති කර තිබෙන බලපෑම් සහ එය කළමනාකරණයට එම කර්මාන්තකරුවන් ගන්නා තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණා.

පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ පාරිභෝගිකයාට දරා ගත නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ගෝලීය තත්ත්වය විසින් ඇති කර තිබෙන බලපෑම තුළ මෙරට බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැකගනිමින්, පාරිභෝගිකයා ද පීඩාවට පත්වීම අවම වන ලෙස කළමනාකරණය කරගැනීම රජයේ අපේක්ෂාව බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.

මෙම අසීරු අවස්ථාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳාදීමට රජය මැදිහත්වීමට සූදානම් බවත්, දුෂ්කරතා මධ්‍යයේ වුව ද පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර මැයි මාසයෙන් පසුව පමණ තවදුරටත් ගෑස් මිල, විදුලි බිල සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පමණක් යම් මිල සංශෝධනයකට යොමුවන බව ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මෙහිදී පැවසුවා.

අමුද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කර ගැනීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවත්, දැනටමත් නැව්ගතකිරීම් ගාස්තු ලෙස අතිරේක ගාස්‍තුවක් අයකරන බවට දැනුම් දී ඇති බවත් ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මැයි මාසය දක්වාම මෙම මිල ගණන් පවත්වා ගෙන යන බවත්, අවුරුදු සමයේ සිදුකරන නිෂ්පාදන බෙදා හැරීම් සදහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීමට සුදුසු ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් දැනට හඳුන්වා දී ඇති ක්‍රමවේදයේ ඇති ගැටලු විසඳා දෙන ලෙසත් ඔවුන් මෙහිදී ඉල්ලීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03