වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශ ජාතිකයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මල්වතුහිරිපිටිය පොලිස් වසමේ වරපලාන ප්‍රදේශයේ දී මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) සිදුකළ වැටලීමක දී සැකකාර විදේශ ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21,23,34 හා 41 වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයින් බවයි අනාවරණය වී ඇත්තේ.
මොවුන් සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













