AFC Banner
Empty Ad
Empty Ad

නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 නොවැම්බර් මාසයේදී 3.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව එය 2023 ඔක්තෝම්බර් මාසයේදී වාර්තා වූ 1.5%ට වඩා වැඩි වීමක්.

මේ අතර, ආහාර උද්ධමනය ද ඔක්තෝබර් මාසයේ වාර්තා වූ -5.2% ට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී -3.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන උද්ධමනය ද මේ වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 4.9% සිට නොවැම්බර් මාසයේදී 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5 සිට 2023 නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?