නොවැක්ට පමණක් දෙවැනි වූ ලෝක ශූර නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ස්පාඤඤයේ රෆායෙල් නඩාල් සිය සමුගැනීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ; ඔහු මෙම වසර අවසානයේ එනම්; නොවැම්බර් මාසයේ මලගා හි පැවැත්වෙන ඩේවිස් කුසලාන අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤ අවසන් වරට නියෝජනය කරනු ඇති බවයි.

අවස්ථා 22කක දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ඇති නඩාල් මේ වනවිට 38 හැවිරිදි වියෙහි පසුවනවා.

පසුගිය වසරේ දී නඩාල් ප්‍රකාශ කර සිටියේ තමන්ට වරින් වර ඇති වූ ආබාධ හේතුවෙන් බොහෝ තරග මගහැරුණු බවත් මෙම වසර අවසානයේ දී තමන් සමුගැනීමේ අදහසකින් සිටින බවයි.

අද (10) පෙරවරුවේ නඩාල් නිකුත් කළ වීඩියෝවක දැක්වෙන්නේ මෙසේයි..;

” මම වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ඔබට දැනුම් දීමට කැමතියි. ඇත්තටම පසුගිය වසර කිහිපය හරි දුෂ්කරයි. විශේෂයෙන් ම පසුගිය වසර දෙක ඒ අතරින් ප්‍රධානයි.
මම හිතන්නේ මට සීමාවකින් තොරව ක්‍රීඩා කරන්න පුළුවන් වුණා කියලා..” යනුවෙන්.

නඩාල් විශ්‍රාම දිවියට එළඹෙන්නේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජෙකොවික්ට පමණක් දෙවැනි වෙමින්.

නොවැක්ට පමණක් දෙවැනි වන මෙම අසහාය ක්‍රීඩකයා ලොව මෙතෙක් බිහි වූ සාර්ථකම ටෙනිස් (පිරිමි) කේවල ක්‍රීඩකයා වනු ඇති.

‘’King of Clay’’ ලෙසින් විරුදාවලිය ලත් නඩාල්, රෝලන්ඩ් ගැරෝස් හිදී ඔහුගේ ප්‍රධාන තරග 116න් 112ක්ම ජය ගනිමින් වාර්තාගත ලෙස 14 වතාවක් ප්‍රංශ විවෘත කේවල ශූරතාව ද දිනාගත්තා.

නඩාල් සිව් වතාවක් එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ ශූරයෙකු වන අතර ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් ශූරතාව සහ විම්බල්ඩන් ශූරතා යන දෙකම දෙවරක් දිනාගෙන තිබෙනවා.

ඔහු ඔලිම්පික් ටෙනිස් තරග නියෝජනය කරමින් කේවල සහ යුගල රන් පදක්කම් ද දිනාගත් අතර ස්පාඤ්ඤයට ඩේවිස් කුසලාන ශූරතා 05ක් ගෙන දුන් විශිෂ්ටයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08