නොරෝච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමක් සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් මෙගා වොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වු බව කංචන විජේසේකර මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ බිඳ වැටීම දින 5ක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම මෙය සකසන තුරු ජාතික පද්ධතියට අනෙකුත් බලාගාර ඔස්සේ විදුලිය ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.














