නොරොච්චෝලේ නත්තල් සාදය මරණයකින් කෙළවර වූ හැටි

නත්තල් සාදයක් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව නොරොච්චෝලේ පොලිසිය සදහන් කරනවා.

මෙලෙස මිගොස් ඇත්තේ මාම්පූරිය – වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) පස්වරුවේ පැවති නත්තල් සාදයක දී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එහි සිටි තවත් අයෙකු විසින් මෙම පුද්ගලයාටයකඩ පොල්ලකින් පහර දී තිබෙනවා.

මෙම පහරදීමෙන් ඔහුගේ හිසට බරපතල ලෙස හානි සිදුව ඇති අතර, ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මාම්පූරිය – වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?