නොමිලේ දුන් හාල් ලබානොගත් පිරිස හඳුනාගැනීමට වාර්තාවක් කැඳවයි

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් රජය නොමිලේ සහල් ලබාගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර, එම වාර්තාව ලබන සතිය වනවිට තමා වෙත ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නොමිලේ සහල් ලබාදීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර, අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන්ම හිමි වන බවයි ඔහු පැවසුවේ.

නමුත් අදාළ සහල් ලබාගැනීම සඳහා එම ස්ථානවල යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබාගන්නේ නම් සිය අනන්‍යතාව හෙළිවේ යැයි යන සැකය මත කිසිවකු එය ලබාගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනාගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා අද (14) දින කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා දැනට අයදුම්පත් 450,404ක් ලැබී ඇති අතර, ඉන් 84% හෙවත් 377,485ක් පද්ධතියට ඇතුළත් කර ඇති බව මෙහි දී අනාවරණ වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අලුතෙන් බඳවා ගත් ග්‍රාම නිලධාරීන් 2,000 මෙම කටයුත්ත වෙනුවෙන් උපරිමයෙන් දායක කරගන්නා බවයි.

එමෙන්ම අස්වැසුම සංගණන කටයුතු සඳහා දායකවන වෙනත් පාර්ශ්වයන් වෙත ද දීමනා ලබාදීමට පියවර ගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද කඩිනමින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?