නොමිලේ දුන් හාල් ලබානොගත් පිරිස හඳුනාගැනීමට වාර්තාවක් කැඳවයි

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් රජය නොමිලේ සහල් ලබාගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර, එම වාර්තාව ලබන සතිය වනවිට තමා වෙත ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නොමිලේ සහල් ලබාදීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර, අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන්ම හිමි වන බවයි ඔහු පැවසුවේ.

නමුත් අදාළ සහල් ලබාගැනීම සඳහා එම ස්ථානවල යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබාගන්නේ නම් සිය අනන්‍යතාව හෙළිවේ යැයි යන සැකය මත කිසිවකු එය ලබාගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනාගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා අද (14) දින කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා දැනට අයදුම්පත් 450,404ක් ලැබී ඇති අතර, ඉන් 84% හෙවත් 377,485ක් පද්ධතියට ඇතුළත් කර ඇති බව මෙහි දී අනාවරණ වුණා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අලුතෙන් බඳවා ගත් ග්‍රාම නිලධාරීන් 2,000 මෙම කටයුත්ත වෙනුවෙන් උපරිමයෙන් දායක කරගන්නා බවයි.

එමෙන්ම අස්වැසුම සංගණන කටයුතු සඳහා දායකවන වෙනත් පාර්ශ්වයන් වෙත ද දීමනා ලබාදීමට පියවර ගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද කඩිනමින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35