නොමිලේ චිත්‍රපටිය නරඹද්දී පෙම්වතියගේ කකුල වෙනුවට අම්මාගේ කකුල පාගලා..!

කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නරඹන අතරේ පෙම්වතියගේ යයි සිතා ඇගේ මවගේ කකුල නගා අලි ජංජාලයක් වූ පුවතක් දුෂ්කර ගමකින් වාර්තා වේ. කොරෝනා ආක්‍රමණය නොවුණු අති දුෂ්කර ගමකි. කොරෝනාවලට එරෙහිව තවදුරටත් වැට බැඳීමට ගමේ විහාරස්ථානයේ නායක හිමියන් ඇතුළු තරුණ පිරිසට අවශ්‍ය විය. මේ නිසාම ඔවුහු කොරෝනා මර්න කෙටි චිත්‍රපටියක් ගමේ විහාරස්ථානයේ එළිමහනේ පෙන්වීමට කටයුතු කළහ. ඒ සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබාගෙනය. කොරෝනා නිසා කාලයකින් ගමේ සිටින සිය පෙම්වතිය හමුවීමට බැරිව සිටි පෙම්වතෙකුට චිත්‍රපටිය නරඹන්නට එන ලෙස සිය පෙම්වතියට එස්.එම්.එස්. පණිවිඩයක් යැව්වේය. එම පණිවිඩය සක්‍රීය විය.

කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය පෙන්වන දිනය උදාවිය. එය රාත්‍රියේ පෙන්වීමට සංවිධායකයෝ කටයුතු කළහ. රෑ බෝ වනවිට ගමේ බොහෝ දෙනෙක් චිත්‍රපටිය නැරඹීමට පන්සලට පැමිණියහ. පෙම්වතා දැනුම්න් පරිදි පෙම්වතිය සිටියේ සෙනග මැද සිය මව සමඟය. ඇයත් පෙම්වතාත් සිටියේ එක පැත්තකය. තරුණයාගේ බැල්ම හොඳ නැති නිසාම සිය දියණිය සිටි පැත්ත වෙනස් කිරීමට ඇගේ අම්මා කටයුතු කළාය. ඒ ඇයගේ බලවත් විරෝධය මධ්‍යයේය.

කොරෝනා නිසා චීනයේ මිනිසුන් මහ පාරේදීම මැරී වැටෙන අයුරු චිත්‍රපටියේ පෙන්වමින් සිටියේය. කාගේත් ඇස් තිබුණේ ඒ දෙසටය. පෙම්වතාගේද ඇස් තිබුණේ ඒ දෙසටය. නමුත් ඔහු එක් කකුලක් දිගු කළේ සිය පෙම්වතිය කලින් සිටි පැත්තටය. ඒ ඇයගේ කකුල උඩට සිය කකුල තබා ගැනීමටය. මොකද ළමයෝ මේ කරන්නේ, මට ඔය ළමයටත් වඩා වැඩිමහල් පුතෙක් ඉන්නවා යයි පෙම්වතියගේ මව කීව්වේ ඔහුගේ ඉහමොළ රත් කරවමිනි.

වැඩේ වැරදුණු බව තේරුණු ඔහු එතැනින් හෙමිහිට ලිස්සා ගියේ ‘ලව් ඉලව්’ වන බව පවසමිනි. පසුදා ඔහුගේ පෙම්වතිය සිය මිතුරියන් පිරිසක් හමුවූ අවස්ථාවේදී කොරෝනා මර්න කෙටි චිත්‍රපටිය නැරඹීමට ගිය අවස්ථාවේදී පෙම්වතාට වූ මේ ඇබැද්දිය කීවේ බඩ අල්ලාගෙන සිනාසෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09