නොනවත්වා ඇද හැලුනු වැස්සෙන් ශ්‍රී ලංකා පිළට සහනයක්

2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුව යම්තාක් දුරට තවදුරටත් රඳවා තබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාව උදා වුණා.

ඒ, නවසීලන්තය සමඟ අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟයි.

මෙම තරගයේ කිසිඳු පන්දුවාරයක් නොයවාම අතහැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර, ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 05 බැඟින් හිමි වුණා.

ඒ, අනුව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් 10 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව අද හිමිවීම විශේෂත්වයක්.

මේ අතර නවසීලන්ත කණ්ඩායමට ද අද හිමි වූ ප්‍රසාද ලකුණු පහත් සමඟ ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට නම් නවසීලන්තය සමඟ තුන්වන එක්දින තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඊට අමතරව දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගයක් නෙදර්ලන්තය ජග ගන්නා තෙක් බලා සිටීමට ද ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අද තරගය පවත්වා එම තරගයෙන් ශ්‍රී ලංකාවට යම්හෙයකින් පරාජයට පත්වීමට සිදුවූවා නම් ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව ගිලිහී යාම ද විශේෂත්වයක්.

1 16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?