නොනවත්වා ඇද හැලුනු වැස්සෙන් ශ්‍රී ලංකා පිළට සහනයක්

2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුව යම්තාක් දුරට තවදුරටත් රඳවා තබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාව උදා වුණා.

ඒ, නවසීලන්තය සමඟ අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟයි.

මෙම තරගයේ කිසිඳු පන්දුවාරයක් නොයවාම අතහැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර, ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 05 බැඟින් හිමි වුණා.

ඒ, අනුව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් 10 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව අද හිමිවීම විශේෂත්වයක්.

මේ අතර නවසීලන්ත කණ්ඩායමට ද අද හිමි වූ ප්‍රසාද ලකුණු පහත් සමඟ ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට නම් නවසීලන්තය සමඟ තුන්වන එක්දින තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඊට අමතරව දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගයක් නෙදර්ලන්තය ජග ගන්නා තෙක් බලා සිටීමට ද ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අද තරගය පවත්වා එම තරගයෙන් ශ්‍රී ලංකාවට යම්හෙයකින් පරාජයට පත්වීමට සිදුවූවා නම් ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව ගිලිහී යාම ද විශේෂත්වයක්.

1 16


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34