නොතීසි ලැබුණොත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නාමල්ට නියෝගයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නොතීසියක් ලදහොත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (26) සැකකාර නාමල් රාජපක්ෂට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

විමර්ශන අවසන් ද නැද්ද යන්න අධිකරණයට දැනුම්දෙන ලෙස කළ නියෝග ප්‍රකාරව අධිකරණයට කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන අවසන් නැති බව අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ නීති කෘත්‍යයට අදාළව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව නඩුව බහා තබන ලෙසත්, අවශ්‍ය වුවහොත් දැනුම්දීමක් අධිකරණයේ පෙනී සිටින ලෙසත්, මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට කරුණු දැක්වූවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?