Empty Ad
Empty Ad
AFC Banner

ඊශ්‍රායල හා ලෙබනනයේ සටන් විරාමය ඉන්දියාව පිළිගනියි

පෙරේදා (26) දිනයේ දී ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සිදු වූ සටන් විරාම ගිවිසුම ඉන්දියාව පිළිගෙන තිබෙනවා.

ඊයේ (27) ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සිය රටේ අදහස සමස්ත ආසියාතික කලාපයට ම බලපාන බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ;

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය අපි සාදරයෙන් පිළිගනිමු. අපි හැමවිටම ඉල්ලා සිටින්නේ තීව්‍රවීම, සංයමය සහ සංවාදයේ සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතට ආපසු යාමයි. මෙම වර්ධනයන් පුළුල් කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වයට තුඩු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු..” යනුවෙන්.

මේ අතර මෙම සටන් විරාම තීන්දුව ගැන ලෝක නායකයින් වන අමෙරිකාවේ ජනාධිපති බයිඩ්න් ද පිළිගෙන තිබෙනවා.

බයිඩ්න් සඳහන් කර ඇත්තේ; “ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර විනාශකාරී ගැටුම” අවසන් කිරීමට තම රට ඉදිරිපත් කළ යෝජනාව පිළිගත් දෙපාර්ශ්වයට ම ගරු කරන බවයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සටහනක් තබමින් වැඩිදුරටත් පැවසුවේ;

අද මට මැද පෙරදිග සිට වාර්තා කිරීමට හොඳ ආරංචියක් තිබේ. මම ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ අගමැතිවරුන්ට කතා කරලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ නිවේදනය නිකුත් කිරීමට මම සතුටු වෙමි. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර විනාශකාරී ගැටුම අවසන් කිරීමට එක්සත් ජනපදයේ යෝජනාව ඔවුන් පිළිගෙන ඇත.” යනුවෙන්.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන් යාහු අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තුතිය පුද කිරීමට ද අමතක කර නැහැ.

ලෙබනනයේ සටන් විරාම ගිවිසුම සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ මැදිහත්වීම සහ ඊශ්‍රායලය අමෙරිකාව ගැන පවත්වාගෙන යන අවබෝධය වෙනුවෙන් ඔහුට ස්තුතියක් එහි පුදකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?