නුවරඑළියෙන් කොළඹට එළවළු කිලෝ 73 000ක්

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එළවළු තොග කොළඹට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය පවසනවා.

එම තත්ත්වයත් සමඟ අද (09) දිනයේ දී නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක මිල රුපියල් 150ක් ලෙසත්, කැරට් සහ ලීක්ස් කිලෝවක මිල රුපියල් 190ක් ලෙසත්, රාබු කිලෝවක මිල රුපියල් 160ක් ලෙසත්, බීට්රුට් කිලෝවක මිල රුපියල් 230ක් ලෙසත්, අර්තාපල් කිලෝවක මිල රුපියල් 260ක් ලෙසත්, රතු අර්තාපල් කිලෝවක මිල රුපියල් 280ක් ලෙසත්, නෝකොල් කිලෝවක මිල රුපියල් 280ක් ලෙසත් මිල දැක්වුණා.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග වෙළඳුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එළවළු සදහා පවතින ඉල්ලුම අඩු බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?