නුවරඑළියට ගිය හිටපු ජනපති මහින්ද ක්‍රිකට් ගසයි (වීඩියෝ සහ ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අද (12)නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ක්‍රිකට් තරගාවලිය සදහා මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පැමිණ සිටි බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණය හිමිවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමටයි.

තරගාවලියේ වීරයා වශයෙන් මන්ත්‍රී ගයාශාන් නවනන්ද තේරී පත්වූ අතර, හොඳම පන්දු රකින්නා වූයේ මන්ත්‍රී සී.බී රත්නායකයි.

හොඳම පිතිකරු ලෙස මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර සම්මාන ලබාගෙන තිබෙනවා.

තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් සහ සහභාගීත්වයට ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින්.

2 4
12 2
12
11
7
6 1
4 1 1
5 3
3 3
1 4
8 1
9 1
10 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
36
+1
4
+1
4
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?