උත්සව සමයේ ඔබත් Online වංචාවන්ට හසුවිය හැකියි – පොලිසියෙන් දැනුම්දීමක්

උත්සව සමයේ සිදුවිය හැකි මාර්ග ගත වංචාවන් පිළිබඳව පොලිසිය මහජනතාවට විශේෂ දැනුම්දීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ, මෙම කාලසීමාව තුළ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිත කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී තොරතුරු වංචනිකව ලබාගැනීමේ ප්‍රවනතාවයක් පවතින බවයි.

ඇතැම් පුද්ගලයන් විසින් ආර්ථික අපහසුතා හේතුවෙන් හා ක්ෂණික මූල්‍ය ලාභ අපේක්ෂාවෙන් මෙවැනි වංචනික ක්‍රමෝපායන් වෙත නතුවීමේ හැකියාවන් පවතින බවට පසුගිය වර්ෂයන් තුළ පොලිස් ස්ථාන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වන ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව වංචා සහගත දැන්වීම්, වංචනික සබැඳි, අවුරුදු Offer හා Giveaway, ව්‍යාජ වෙළෙඳ සේවා වෙබ් අඩවි, ව්‍යාජ බැංකු දීමනා, ව්‍යාජ බැංකු වෙබ් අඩවි/ යෙඳුම් යාවත්කාලීනයන්, ව්‍යාජ QR Code Scan වංචා, තතුබෑම් ඊමේල් පණිවිඩ ( Email Phishing) ව්‍යාජ කෙටි පණිවිඩ ( SMS Phishing), නිත්‍යානුකූල බවට හැඟවෙන ව්‍යාජ වෙබ් අඩවි සහ Caller ID Spoofing වැනි ක්‍රම වේදයන් භාවිත කරමින් මෙවැනි අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචාවන් සිදුකරන බවට හඳුනාගෙන ඇති බවයි පොලිඉස්ය සඳහන් කළේ.

මෙවැනි වංචා ප්‍රවර්ධනය කිරීමේ දී ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කරලීමේ උපක්‍රම ලෙස ජනාධිපතිතුමා, අගමැතිතුමිය ඇතුළු ඉහළ රජ්‍ය නිලධාරින් සහ කීර්තිමත් පුද්ගලයන්ගේ රුව යොදා ගැනීමේ හැකියාවන් ද පවතින අතර මෙම ආකාරයට වංචනික ක්‍රම මඟින් ලබාගන්නා පුද්ගල සංවේදී දත්ත භාවිත කරමින් ඉලක්ක ගත තතුබෑම් ප්‍රහාර (Phishing Attacks ) මූල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් ආදී අනිසි ක්‍රියාකාරකම් වලට ජනතාවට මුහුණ පෑමට සිදුවන අවදානම් තත්ත්වයන් ද පවතිනවා.

ඒ අනුව මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවීම සඳහා මහජනතාව අන්තර්ජාලය හරහා ගනුදෙණු කිරීමේ දී නිසි දැනුවත් භාවයකින් හා අවබෝධකින් කටයුතු කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11