නුවරඑළියට ගිය හිටපු ජනපති මහින්ද ක්‍රිකට් ගසයි (වීඩියෝ සහ ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අද (12)නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ක්‍රිකට් තරගාවලිය සදහා මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පැමිණ සිටි බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරඟ දෙකක් පැවැත්වූ අතර තරඟ දෙකේම ජයග්‍රහණය හිමිවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමටයි.

තරගාවලියේ වීරයා වශයෙන් මන්ත්‍රී ගයාශාන් නවනන්ද තේරී පත්වූ අතර, හොඳම පන්දු රකින්නා වූයේ මන්ත්‍රී සී.බී රත්නායකයි.

හොඳම පිතිකරු ලෙස මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර සම්මාන ලබාගෙන තිබෙනවා.

තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් සහ සහභාගීත්වයට ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින්.

2 4
12 2
12
11
7
6 1
4 1 1
5 3
3 3
1 4
8 1
9 1
10 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16