Empty Ad
AFC Banner

නීල විල කළඹන හසඟනාවිය – පියුමි හංසමාලිට උපන් දිනයදා ලැබුණු චරිත සහතිකය

ජනප්‍රිය නිරූපන ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.
පුවත් මවන චරිතයක් වුණු පියුමි ගැන ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණ මෙලෙස සටහනක් තබා තිබුණා.

වස්සානේ සඳ තුළින් මතු වූ පියුම් නීල විල කළඹන හසඟනාවිය, පියුමි හංසමාලිට හසරුන් පිරි විලක පියුමක් සේම වැජඹෙන උපන්දිනක් .

ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක් මෙන්ම නිරූපිකාවක් ද වන පියුමි හංසමාලි අද දින සිය 29 වැනි උපන්දිනය සමරන්නීය.

ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මුල් කාලයේම ඇගේ ඡායාරූප රැසක් මවිසින් ගත් අතර ඇගේ එකල රුව මනරම් ලෙසින් ඡායාරූපයට හසුකර ගත හැකි බව මට වැටහිණි. ඉන් අනතුරුව ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා සිය රංගන දායකත්වය ලබා දෙමින් ජනාදරයට පාත්‍ර වූවාය.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ “සයපෙති කුසුම” චිත්‍රපටයේ නිරූපිකාවක ලෙස සුළු පෙනී සිටිමකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට ප්‍රවිශ්ට වූ ඇය අනතුරුව උදයකාන්ත වර්ණසූරියගේ “වස්සානේ සඳ” චිත්‍රපටයේ අනුලා කරුණාතිලකයන්ගේ දුවණිය ලෙස මනරම් රංගනයක යෙදුණේ සිය දක්ෂතාව මැනවින් ප්‍රකට කරමිනි. එමෙන්ම ඇය පසුව ලලිත් ප්‍රේමතිලකගේ “රයිගමයයි ගම්පළයයි” චිත්‍රපටයේ ද රංගනය කළාය.

සිනමාව මත ඇයට තව තවත් දෙයක් කළ හැකි රංගනයන් කිරීමට යෝග්‍ය චිත්‍රපට ලැබේවායි පතන අතර ඉදිරියේ තිරගත වීමට නියමිත “ලක්නව්” නම් ඉන්දියානු චිත්‍රපටයක ඇය ජැක්සන් ඇන්තනී සමග ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බව දැන ගැනීමට ලැබීම ද සතුටකි.

ඉකුත් වසරේ දිනෙක විකාශය නිමා වූ අඛිල අබේරත්නගේ “රැස්” නාට්‍යයේ ද ඇය කැලුම් ශ්‍රී සහ සංගීත් ප්‍රභූ සමගින් ප්‍රධාන චරිතයක් රංගනය කළ අතර පුංචි තිරයේ ද ඇය තම රංගන දස්කම් සලකුණු කර ඇත.

විටෙක ඇතැම් තෝරාගැනීම් නිසා ඇය බොහෝ දෙනාගේ කතාබහට ලක් වූවාය. විටෙක ඇගේ ප්‍රකාශයන් වුවද සමාජයේ ආන්දෝලනාත්මක කථිකාවන්ට මුල පුරන්නේ ඇගේ විවෘත බව නිසාවෙනි. ඒ කෙසේ වෙතත් මා ඇය පිළිබඳ දන්නේ මෙපමණකි. එනම් ඇය මුල අමතක නොකරන, ඉතා කෘතවේදී මෙන්ම තමා කරන ක්‍රියාව වෙනුවෙන් කැපවීමෙන් වෙහෙසෙන තරුණ ශිල්පිණියකි.

එමෙන්ම ප්‍රකට මෝස්තර නිර්මාණවේදිනියක් වන යෝලන්ඩා අලුවිහාරේ සිය නිර්මාණ කිහිපයක් ඡායාරූප ගැනීමට අවැසි බව පැවසූ විට, මා එම ඡායාරූප වෙනුවෙන් පියුමි සුදුසු බව නිර්දේශ කළ අතර පසුව ඇය එම ඇඳුම් නිර්මාණ වෙනුවෙන් ඉතා මනරම් ලෙස සහයෝගයෙන් සහ උනන්දුවෙන් පෙනී සිටි අතර යෝලන්ඩා පවා එම ඡායාරූප දැක බොහෝ සතුටට පත්වූවා මතකය. මෑතකදී මට එම ඡායාරූප හිමි වූ අතර මුල්වරට එම ඡායාරූප ද අද දින ඇය වෙනුවෙන් තිළිණ කරන්නෙමි.

ඇය කටකාර සිඟිති පුතෙකුගේ මවක වන අතර ඇය විවෘතව ඕනෑම දෙයක් කතා කිරීමේ ගති ගුණය මා නිබඳව අගය කරමි. ඇගේ කෘතවේදීත්වය පිළිබඳ මගේ මතකයට නැගෙන්නේ 2017 වසරේ පැවැත්වුණු ඇගේ 25 වන උපන්දින සාදයට මා හට ඇරයුම් කිරීම හේතුවෙනි.

එනමුත් විවාහ මංගල උත්සවයකට එදිනම සහභාගී වීමට තිබූ බැවින් මා එම සාදයට සහභාගී නොවුණත් 2019 වසරේ පැවැත්වුණු ඇගේ උපන්දින සාදයට මා මගේ ඥාතී සොයුරු රොමේෂ් සහ ඇගේ බිරිඳ කැටුව ගිය අතර පියුමි විසින් අපගේ පැමිණීම ඉතා අගය කොට සැලකුවාය.

ඇය කවදත් මගේ ඡායාරූප කටයුතුවල නිරූපණයන් සඳහා සහය වූයේ මා කෙරෙහි ඇති ගෞරවාන්විත කෘතවේදීත්වය නිසාවෙන් වන අතර ඇය මුදල් මතම පිහිටා කටයුතු නොකිරීම මා අගයන්නෙමි.

තම අනාගතය ඉතා හොඳින් සැලසුම් කර වරණයකින් යුතුව හෙට ගැන සිතා නිර්මාණ කාර්යයෙහි සක්‍රීයව දායක වුවහොත් ඇගේ සහ පුතුගේ හෙට දිනය ද ඉතා පැහැබර වේ යැයි මට සිතේ. එමෙන්ම තවත් සුවිශේෂීත්වයක් වන්නේ, ඇය ඉපිද ඇත්තේ ප්‍රවීණ රංගනවේදියෙකු වන බන්දු සමරසිංහයන් තම 40 වැනි උපන්දිනය සමරන දිනයේ දී වීම ය.

අද දිනයේ ද ඇය තම උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ප්‍රදේශයක වෙසෙන ආර්ථික අපහසුකම් ඇති පවුල් රැසකට හැකි අයුරින් ශක්‍තියක් වූ අයුරු මුහුණුපොත ඔස්සේ ඇය අපත් සමග බෙදාගෙන තිබූ අතර ඇය එවැනි බොහෝ සමාජීය සත්ක්‍රියාවන්ට ද යුහුසුළුව දායක වන තැනැත්තියක වීම ද අගය කළ යුතු යැයි සිතන්නෙමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන 8ක් බදු නොගෙවපු කැසිනෝකාරයෝ මෙන්න
04:50
Video thumbnail
තුණ්ඩු උඩ දාලා තෝරන්න යන සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය
08:21
Video thumbnail
සජිත් හදිසියේ දිස්ත්‍රික් තුනක මන්ත්‍රීවරු කොළඹට කැඳවයි
14:35
Video thumbnail
අලුත් ක්‍රීඩා ඇමති හදිසියේ සුගතදාසයට යයි - හොරුන්ට රතු එළි දල්වයි
08:23
Video thumbnail
පිහිටක් අවැසි මොහොතේ සරණක් වෙන්න කැමති ඔබට අපෙන් ඇරයුම්
01:10
Video thumbnail
හිටපු ඇමති කංචන හදිසියේ CID කැඳවයි - හිටපු ඇමතිට හොඳටම තදවෙයි
02:06
Video thumbnail
ගංවතුරට කොටු වූ අලියා මී හරක් ගොඩේ හැංගෙයි
02:44
Video thumbnail
මේ රටේ ජාතික ප්‍රශ්නයක් තියෙනවා - ඔය කතා මහින්දත් කිව්වා - ගොඨාභයත් කිව්වා
01:55
Video thumbnail
හඳුන්නෙත්තිට ඇත්ත වැටහෙයි - විපක්ෂයේ ඉඳලා කියෙව්වට වැඩිය වැඩේ අමාරුයි
14:01
Video thumbnail
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් - ඒ දෙක වෙනවනම් රටේ කිසි ප්‍රශ්නයක් නෑනේ
02:38

?