නීල විල කළඹන හසඟනාවිය – පියුමි හංසමාලිට උපන් දිනයදා ලැබුණු චරිත සහතිකය

ජනප්‍රිය නිරූපන ශිල්පිණියක් වන පියුමි හංසමාලිගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.
පුවත් මවන චරිතයක් වුණු පියුමි ගැන ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණ මෙලෙස සටහනක් තබා තිබුණා.

වස්සානේ සඳ තුළින් මතු වූ පියුම් නීල විල කළඹන හසඟනාවිය, පියුමි හංසමාලිට හසරුන් පිරි විලක පියුමක් සේම වැජඹෙන උපන්දිනක් .

ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක් මෙන්ම නිරූපිකාවක් ද වන පියුමි හංසමාලි අද දින සිය 29 වැනි උපන්දිනය සමරන්නීය.

ඇය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මුල් කාලයේම ඇගේ ඡායාරූප රැසක් මවිසින් ගත් අතර ඇගේ එකල රුව මනරම් ලෙසින් ඡායාරූපයට හසුකර ගත හැකි බව මට වැටහිණි. ඉන් අනතුරුව ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා සිය රංගන දායකත්වය ලබා දෙමින් ජනාදරයට පාත්‍ර වූවාය.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ “සයපෙති කුසුම” චිත්‍රපටයේ නිරූපිකාවක ලෙස සුළු පෙනී සිටිමකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට ප්‍රවිශ්ට වූ ඇය අනතුරුව උදයකාන්ත වර්ණසූරියගේ “වස්සානේ සඳ” චිත්‍රපටයේ අනුලා කරුණාතිලකයන්ගේ දුවණිය ලෙස මනරම් රංගනයක යෙදුණේ සිය දක්ෂතාව මැනවින් ප්‍රකට කරමිනි. එමෙන්ම ඇය පසුව ලලිත් ප්‍රේමතිලකගේ “රයිගමයයි ගම්පළයයි” චිත්‍රපටයේ ද රංගනය කළාය.

සිනමාව මත ඇයට තව තවත් දෙයක් කළ හැකි රංගනයන් කිරීමට යෝග්‍ය චිත්‍රපට ලැබේවායි පතන අතර ඉදිරියේ තිරගත වීමට නියමිත “ලක්නව්” නම් ඉන්දියානු චිත්‍රපටයක ඇය ජැක්සන් ඇන්තනී සමග ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බව දැන ගැනීමට ලැබීම ද සතුටකි.

ඉකුත් වසරේ දිනෙක විකාශය නිමා වූ අඛිල අබේරත්නගේ “රැස්” නාට්‍යයේ ද ඇය කැලුම් ශ්‍රී සහ සංගීත් ප්‍රභූ සමගින් ප්‍රධාන චරිතයක් රංගනය කළ අතර පුංචි තිරයේ ද ඇය තම රංගන දස්කම් සලකුණු කර ඇත.

විටෙක ඇතැම් තෝරාගැනීම් නිසා ඇය බොහෝ දෙනාගේ කතාබහට ලක් වූවාය. විටෙක ඇගේ ප්‍රකාශයන් වුවද සමාජයේ ආන්දෝලනාත්මක කථිකාවන්ට මුල පුරන්නේ ඇගේ විවෘත බව නිසාවෙනි. ඒ කෙසේ වෙතත් මා ඇය පිළිබඳ දන්නේ මෙපමණකි. එනම් ඇය මුල අමතක නොකරන, ඉතා කෘතවේදී මෙන්ම තමා කරන ක්‍රියාව වෙනුවෙන් කැපවීමෙන් වෙහෙසෙන තරුණ ශිල්පිණියකි.

එමෙන්ම ප්‍රකට මෝස්තර නිර්මාණවේදිනියක් වන යෝලන්ඩා අලුවිහාරේ සිය නිර්මාණ කිහිපයක් ඡායාරූප ගැනීමට අවැසි බව පැවසූ විට, මා එම ඡායාරූප වෙනුවෙන් පියුමි සුදුසු බව නිර්දේශ කළ අතර පසුව ඇය එම ඇඳුම් නිර්මාණ වෙනුවෙන් ඉතා මනරම් ලෙස සහයෝගයෙන් සහ උනන්දුවෙන් පෙනී සිටි අතර යෝලන්ඩා පවා එම ඡායාරූප දැක බොහෝ සතුටට පත්වූවා මතකය. මෑතකදී මට එම ඡායාරූප හිමි වූ අතර මුල්වරට එම ඡායාරූප ද අද දින ඇය වෙනුවෙන් තිළිණ කරන්නෙමි.

ඇය කටකාර සිඟිති පුතෙකුගේ මවක වන අතර ඇය විවෘතව ඕනෑම දෙයක් කතා කිරීමේ ගති ගුණය මා නිබඳව අගය කරමි. ඇගේ කෘතවේදීත්වය පිළිබඳ මගේ මතකයට නැගෙන්නේ 2017 වසරේ පැවැත්වුණු ඇගේ 25 වන උපන්දින සාදයට මා හට ඇරයුම් කිරීම හේතුවෙනි.

එනමුත් විවාහ මංගල උත්සවයකට එදිනම සහභාගී වීමට තිබූ බැවින් මා එම සාදයට සහභාගී නොවුණත් 2019 වසරේ පැවැත්වුණු ඇගේ උපන්දින සාදයට මා මගේ ඥාතී සොයුරු රොමේෂ් සහ ඇගේ බිරිඳ කැටුව ගිය අතර පියුමි විසින් අපගේ පැමිණීම ඉතා අගය කොට සැලකුවාය.

ඇය කවදත් මගේ ඡායාරූප කටයුතුවල නිරූපණයන් සඳහා සහය වූයේ මා කෙරෙහි ඇති ගෞරවාන්විත කෘතවේදීත්වය නිසාවෙන් වන අතර ඇය මුදල් මතම පිහිටා කටයුතු නොකිරීම මා අගයන්නෙමි.

තම අනාගතය ඉතා හොඳින් සැලසුම් කර වරණයකින් යුතුව හෙට ගැන සිතා නිර්මාණ කාර්යයෙහි සක්‍රීයව දායක වුවහොත් ඇගේ සහ පුතුගේ හෙට දිනය ද ඉතා පැහැබර වේ යැයි මට සිතේ. එමෙන්ම තවත් සුවිශේෂීත්වයක් වන්නේ, ඇය ඉපිද ඇත්තේ ප්‍රවීණ රංගනවේදියෙකු වන බන්දු සමරසිංහයන් තම 40 වැනි උපන්දිනය සමරන දිනයේ දී වීම ය.

අද දිනයේ ද ඇය තම උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ප්‍රදේශයක වෙසෙන ආර්ථික අපහසුකම් ඇති පවුල් රැසකට හැකි අයුරින් ශක්‍තියක් වූ අයුරු මුහුණුපොත ඔස්සේ ඇය අපත් සමග බෙදාගෙන තිබූ අතර ඇය එවැනි බොහෝ සමාජීය සත්ක්‍රියාවන්ට ද යුහුසුළුව දායක වන තැනැත්තියක වීම ද අගය කළ යුතු යැයි සිතන්නෙමි.

  1. දයාන් විතාරන කියන්නෙ නපුන්සක සමනලයෙක්/ ඌත් අර උපන්දින සාද දමපු සමනලයා වාගෙමයි . ගෙහෙනියක් තම පිරිමි අවයව වලින් සතුටු කරන්න බැරි එකා. ඌ ඉතින් වචන වලින් . ලියුම් වලින් . පින්තූර වලින් පමනක් ගෙහෙනුන් ( ගනිකාවන් ) සතුටු කරනවා. මුන් තමා නියම පොන්නයෝ කියන්නෙ. උපතින් ලද අවයව වලින් නිසි ක්‍රියා කාරි කම් ගන්න බැරි සමනලයන්

    • කැත කතා කියන්න.එපා…..
      සමාජයට වැරදි නොකරන ම්නිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය අගය කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08