AFC Banner
AFC Banner
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතු කළ 12ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 4ක්, මුහුදු කූඩැල්ලන් 1670ක පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ ද තම භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඊයේ වයඹ නාවික විධානයට මඟින් සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා 4ක් පරික්‍ෂාවට ලක් කර තිබුණා. එහිදීයි නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණේ.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 23 ත් 48 ත් අතර වයසේ පසුවන කල්පිටිය, සිලාවතුර, වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් තොගය සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?