නීති විරෝධී ධීවර කටයුතු කළ 12ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සිලාවතුර කොන්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 4ක්, මුහුදු කූඩැල්ලන් 1670ක පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ ද තම භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඊයේ වයඹ නාවික විධානයට මඟින් සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා 4ක් පරික්‍ෂාවට ලක් කර තිබුණා. එහිදීයි නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණේ.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 23 ත් 48 ත් අතර වයසේ පසුවන කල්පිටිය, සිලාවතුර, වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් තොගය සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14