නීතිවිරෝධී ව තේක්ක කඳන් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට

වාද්දූව – මහ වාද්දූව ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන විශාල ප්‍රමාණයේ දැව ජාවාරම් සම්බන්ධයෙ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී ව කපන ලද තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.

වාද්දූව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ පස්වරුවේ මෙම වැටලීම
මොරොන්තුඩුවේ දී සිදු කෙරුණේ.

එහිදී බලපත්‍ර රහිත ව තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියැදුරු සමග අත්අඩංගුවට ගැනුණා.

ලොරි රථයේ අඩි හතරේ සිට 12 දක්වා දිග කඳන් 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

මෙම දැව තොගයේ වටිනාකම ලක්ෂ තුනකට ආසන්නයි.

සැකකරු 47 හැවිරිදි වියෙහි පසුවන මහ වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58