AFC Banner
Empty Ad
Empty Ad

නීතිමය රාමුවෙන් පිටපැන මෙරටට ගෙනා භාණ්ඩ සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් රේගු බදු නොගෙවා සූක්ෂ්ම ලෙස මෙරටට ගෙනැවිත් හොර රහසේ හරිත මාවත (Green Channel) ඔස්සේ පිටත් කරමින් සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; සැකකාර මගියා අද (09) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ; අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී බවයි.

සැකකරු විසින් ගෙන එන ලද භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටිය ඉක්ම වන බවත් වාර්තා වනවා.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි, ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි හෙළි ව ඇත්තේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 04 ක් තුළ ස්මාර්ට් ජංගම දුරකථන 152 ක්, ටැබ් පරිගණක 05ක්, විවිධ වර්ගයේ විස්කි බෝතල් 38ක් , විද්‍යුත් දුම්වැටි 44ක් ද සොයා ගැනුණා.

මේ වනවිට මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ මූලිකත්වයෙන් යුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?