නීතිමය රාමුවෙන් පිටපැන මෙරටට ගෙනා භාණ්ඩ සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට

අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් රේගු බදු නොගෙවා සූක්ෂ්ම ලෙස මෙරටට ගෙනැවිත් හොර රහසේ හරිත මාවත (Green Channel) ඔස්සේ පිටත් කරමින් සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; සැකකාර මගියා අද (09) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ; අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී බවයි.

සැකකරු විසින් ගෙන එන ලද භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටිය ඉක්ම වන බවත් වාර්තා වනවා.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි, ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි හෙළි ව ඇත්තේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 04 ක් තුළ ස්මාර්ට් ජංගම දුරකථන 152 ක්, ටැබ් පරිගණක 05ක්, විවිධ වර්ගයේ විස්කි බෝතල් 38ක් , විද්‍යුත් දුම්වැටි 44ක් ද සොයා ගැනුණා.

මේ වනවිට මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබාගෙන කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ මූලිකත්වයෙන් යුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42