නීතිපතිට සේවා දිගුවක් ඉල්ලා ජනපති කළ ඉල්ලීම පරාදයි!

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වුණා.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ද විපක්ෂය සිය විරෝධය පළ කළා.

අදාළ යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද තෙවැනි දිනයටත් පාර්ලිමේන්තුවේ දී රැස්වුණේ එවන් පසුබිමකයි.

එහිදී ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ට පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව ඡන්ද විමසීමක් පවත්වා අවසන් තීරණයකට පැමිණි බවයි සඳහන් වෙන්නේ.

ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ යෝජනාව පරාජයට පත් වී තිබෙනවා.

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය මේ මස 26 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

IMF සාකච්ඡා සහ නීති සංශෝධන ඉදිරියට ගෙනයෑම, එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධ ඉදිරි පියවර ගැනීම, පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව සමග සම්බන්ධ වෙමින් විමර්ශන ඉදිරියට ගෙන යෑම ඇතුළු කරුණු වෙනුවෙන් වත්මන් නීතිපතිවරයාගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
31
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?