නීතිපතිට සේවා දිගුවක් ඉල්ලා ජනපති කළ ඉල්ලීම පරාදයි!

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වුණා.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ද විපක්ෂය සිය විරෝධය පළ කළා.

අදාළ යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද තෙවැනි දිනයටත් පාර්ලිමේන්තුවේ දී රැස්වුණේ එවන් පසුබිමකයි.

එහිදී ජනාධිපතිවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්ට පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව ඡන්ද විමසීමක් පවත්වා අවසන් තීරණයකට පැමිණි බවයි සඳහන් වෙන්නේ.

ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ යෝජනාව පරාජයට පත් වී තිබෙනවා.

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය මේ මස 26 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

IMF සාකච්ඡා සහ නීති සංශෝධන ඉදිරියට ගෙනයෑම, එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධ ඉදිරි පියවර ගැනීම, පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව සමග සම්බන්ධ වෙමින් විමර්ශන ඉදිරියට ගෙන යෑම ඇතුළු කරුණු වෙනුවෙන් වත්මන් නීතිපතිවරයාගේ සේවා කාලය තවත් මාස 06කින් දීර්ඝ කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51