AFC Banner
AFC Banner
Empty Ad

නීතිපතිගෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම්වලට අදාලව අධිකරණය විසින් ලබාදෙන තීන්දු මත ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥවරුන් වන ජේ. සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් තීන්දු කර ඇති අතර ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් දැනුම් දී ඇති බවයි.

තම සේවාදායකයාගේ පෙත්සමට අදාළ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් නොවැම්බර් මස 21 දා විභාගයට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජිකයින් වන චන්ද්‍රා ප්‍රනාන්දු සහ චන්ද්‍රා ජයතිලක නම් කර තිබෙනවා.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් ඒවා බල ශූන්‍ය කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?