නීතිපතිගෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම්වලට අදාලව අධිකරණය විසින් ලබාදෙන තීන්දු මත ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥවරුන් වන ජේ. සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී යි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් තීන්දු කර ඇති අතර ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් දැනුම් දී ඇති බවයි.

තම සේවාදායකයාගේ පෙත්සමට අදාළ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් නොවැම්බර් මස 21 දා විභාගයට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජිකයින් වන චන්ද්‍රා ප්‍රනාන්දු සහ චන්ද්‍රා ජයතිලක නම් කර තිබෙනවා.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් ඒවා බල ශූන්‍ය කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශව කිහිපයක් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34